Thursday, November 7, 2024

General line - 0115112241

කළුගංතොට සිංහයා අවසන් ගමන් යයි




අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ, මතුගම, පාන්තිය ආදාහනාගාරයේදීයි. මතුගම, හොරවල පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම බොහෝ පිරිසක් පැමිණ සිටියා.

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, නාමල් රාජපක්ෂ, වජිර අබේවර්ධන සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් කුමාර වෙල්ගම මහතා පිළිබඳ මෙලෙස හඬ අවදි කළා.


“කළුගංතොට සිංහයා” ලෙස හැඳින්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 74 වියේ පසුවුණා.