ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානගත වී තරග කරන්නේ නම් ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්වන්නේ සිය ප්රතිපත්තිවලට එකඟවන දේශපාලන පක්ෂ සමඟ පමණක් බව එම පක්ෂය පවසනවා.
එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පැවසුවේ සිය පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉහළ නිලතල හෝ මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර නොදෙන බවයි.
කෙසේවෙතත් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්කර ගනිමින් නව සන්ධානයක් යටතේ තරග කිරීමට අදාළ සාකච්ඡාව තවදුරටත් සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර පවසනවා.
ඒ අනුව සියලු පාර්ශව එකඟවන ලාංඡනයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමටද අවධානය යොමු කරන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි පැවසුවේ සිය පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවන බවයි.
මේ නව ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන.