අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ මාසිකව සිදු කරනු ලබන මිල සූත්‍රයට අනුවයි
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311ක් වනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කර අතර එහි නව මිල රුපියල් 283ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 319ක් වනවා.
තවද ලංකා භූමිතෙල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 19කින් වන අතර එහි නව මිල රුපියල් 183ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.