Thursday, November 7, 2024

General line - 0115112241

හංවැල්ලේ වෙඩි තැබීමක්




හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඔහු නිවසේ රැඳී සිටියදී නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමට ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක පල කරනවා.

වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.