Thursday, November 7, 2024

General line - 0115112241

හිස් වූ ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය පත්කෙරේ 




වහාම ක්‍රියාත්මක වන පරිදි හිස් වූ ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර තිබෙනවා.

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින් එම තීරණය ගෙන තිබෙන බවයි අද පැවති 
 කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන බාලසූරිය මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වනවා.