Thursday, November 7, 2024

General line - 0115112241

නවසීලන්තය පැරණි චාරිත්‍රානුකූල නර්තනයකින් ලෝක වාර්තාවක් තියයි 




නවසීලන්තය ලොව විශාලතම නර්තනය ඉදිරිපත් කිරීම සිදු කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ ඓතිහාසික වශයෙන් චාරිත්‍රානුකූල මාඕරි යුධ නැටුමක් වන හකා නර්තනය ඉදිරිපත් කරමින් 

විරුද්ධවාදීන්ට අභියෝගයක් සහ සටනට යාමට පෙර පෙළගැසීමක් ලෙස භාවිතා කර ඇති මෙම නර්තනය අද එය මාඕරි අනන්‍යතාවය සහ සංස්කෘතිය සැමරීමට සහ දුක්ඛිත අවස්ථාවන්හිදී මිනිසුන් එක්සත් කිරීමේ මාර්ගයක් ලෙසද භාවිතා කරනු ලබනවා.

19 වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ මාඕරි නායකයකු වූ තේ රවුපරහ විසින්  මෙම නර්තනය රචනා කර තිබෙනවා.

මෙම නර්තනය සඳහා ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් රග්බි ක්‍රීඩාංගනයට  6,531 දෙනෙක් එක්ව සිටි බවයි එරට මාධ්‍ය පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අවස්ථාවට පිරිමි කාන්තා හා වයස් භේදයකින් තොරව එක්ව සිටිය බවයි.

පාද මුද්‍රා තැබීම හා රිද්මයානුකූලව කෑගැසීම් ඇතුළත් හකා සාම්ප්‍රදායික නර්තනය සිදුකිරීමට ඔවුන් කටයුතු කළා.

මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ ප්‍රංශය වූ අතර 2014 දී පැවති නර්තනය සඳහා 4,028 දෙනෙක් එක්ව තිබුණා.