නව ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වුණා.
එහිදී අමාත්‍ය මණ්ඩල යෝජනා 07ක් සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් තනතුරේ පූර්ණ කාලීනව වැඩ බැලීමට එච් එස් කේ ජේ බණ්ඩාර මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.
ඔහු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පාලක තනතුරේ සේවය කරනු ලබනවා.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා පසුගියදා එම ධූරයෙන් ඉල්ලා අස් වුණා.