Thursday, November 7, 2024

General line - 0115112241

නීති විරෝධී ලෙස වගාකර තිබූ ගංජා හේනක් STF මගින් වටලයි.




තණමල්විල ප්‍රදේශයේ පළුගස්වැව, නාග ලෙන ආරන්‍ය සේනාසනය අසල ප්‍රදේශයේ සූක්ෂම ලෙස වගාකර තිබූ ගංජා හේනක් ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා ගස් 14,370ක් පමණ හමුවූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන සඳහා ගංජා ගස් සාම්පල් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.