අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු ගෙන තිබෙනවා.
ඒ, ඡන්ද විද්‍යාල ආසන 279ක් දිනා ගනිමින්. රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් දිනා ගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල ආසන 223ක් පමණයි.
අමෙරිකානු ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඡන්ද විද්‍යාල ආසන 538 න් අවම වශයෙන් 270 ක් ජයගත යුතු වනවා.
තවදුරටත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වනවා.
අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණය පැවැත්වුණා.
මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා සිටි සමස්ත ඡන්ද දායකයින් ගණන මිලියන 185 කට අධික බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතර මෙවර ජනාධිපතිවරණයේදී තියුණු සටනක් පැවතියා.
ඒ අනුව එරට ජනාධිපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්ත ලෙස හඳුන්වන පෙන්සිල්වේනියාව, ඇරිසෝනා, මිචිගන්, විස්කොන්සිං යන ප්‍රාන්තවල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි.
එවන් පසුබිමක් තුළ ජනාධිපති ධුරය දිනා ගැනීම සඳහා අවශ්‍ය ඡන්ද ආසන ගණන ඉක්මවූ පසු ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ පාම් බීච් රිපබ්ලිකන් වේදිකාවට ගොඩ වී ජයග්‍රහණය සැමරූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එම අවස්ථාවට ඔහුගේ බිරිඳ වන මෙලානියා, බැරන් පුත්‍රයා සහ පවුලේ සාමාජිකයන් එක්ව තිබෙනවා.
මෙලානියාට හාදුවක් දීමටද ට්‍රම්ප් එහිදී අමතක කළේ නැහැ.
78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් 47 වන ජනාධිපතිවරයා ලෙස ලබන වසරේ ජනවාරියේ දිවුරුම් දෙනු ඇති.
තමන් ජනාධිපති වූ සැනින් පැය 24ක් යාමට පෙර රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවටද ඔහු ප්‍රතිඥා දී තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායල පලස්තීන අර්බුදයේදී ඊශ්‍රායලයට සහය පළ කරන බවයි ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ.
මේ වන විට නිව්යෝර්ක් ප්‍රාන්තයේ වැඩවෙසෙන පූජ්‍ය ගවරගිරියේ පේමරතන හිමියන් අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.