Wednesday, December 25, 2024

General line - 0115112241

ට්විටර් හෙවත් X හි වටිනාකම 80% කින් පහලට 




සමාජ මාධ්‍ය වේදිකාවක් වන ට්විටර් හෙවත් X හි වටිනාකම 80% කින් අඩු වී තිබෙනවා.

ආයෝජන දැවැන්තයෙකු වන Fidelity ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  වසර දෙකකට පෙර එලොන් මස්ක් එය මිලදී ගත් කාලයට වඩා 80% කට වඩා අඩු අගයක් ගෙන ඇති බවයි 

2022 ඔක්තෝම්බර් මාසයේදී  එලොන් මස්ක් බිලියන 44ක් වැය කර තිබු අතර අගෝස්තු අග වන විට එම කොටස්වල වටිනාකම ඩොලර් මිලියන 4.2 ක් දක්වා පහත වැටී ඇති බවයි Fidelity ආයතනය පවසන්නේ.

තවද සමාගම පැවසුවේ දෙවන කාර්තුව තුළ මාසික සක්‍රීය පරිශීලකයින් මිලියන 570 ක් සිටි අතර එය පෙර වසරට වඩා 6% කින් ඉහළ ගොස් ඇති බවයි.

නමුත් මෙම වාර්තා කිසිවක් පිළිබඳ එලොන් මස්ක් අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.