ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කළ සහල් තොගයේ පළමු තොගය රැගත් නෞකාව අද කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සහල් මෙටි්රක් ටොන් 780ක් එලෙස රැගෙන එනු ඇති.
රට තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් සහල් මෙටි්රක් ටොන් 5,200ක් ඇනවුම් කර තිබෙනවා.
මේ අතර, සහල් ආනයනය සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පළ කළේ මෙවන් අදහසක්.
පෞද්ගලික අංශයේ සහල් ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය 20 වනදායින් අවසන් වුණා.
කෙසේවෙතත් එම කාලය ජනවාරි 10වනදා දක්වා දීර්ඝ කෙරුණා.