අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය අද සිය නිවසට රැගෙන එනු ලැබුවා.
ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මේ වන විට ගංගොඩවිල, නුගේගොඩ නිවසේ තැන්පත් කර තිබෙනවා. හෙට දහවල් දක්වා දේහය නිවසේ තැන්පත් කර තැබීමට නියමිතයි.
අද දිනයේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් රැසක් ප්‍රියා සූරියසේන මහතාගේ නිවසට පැමිණියා.
මේ, ප්‍රවීණ කලාශිල්පීන් වන සුනිල් එදිරිසිංහ, දයාන් විතාරණ සහ ජානක වික්‍රමසිංහ.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය හෙට සවස 2.00 සිට 5.00 දක්වා ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේ තැන්පත් කර තැබීමට නියමිතයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.