ඉන්දීය ගුවන් හමුදාවේ 92 වන ගුවන් හමුදා දින සැමරුම් උත්සවයේ කොටසක් ලෙස පවත්වන ලද සංදර්ශනයක් අතරතුර පුද්ගලයින් 5 දෙනෙක් මිය ගොස් තවත් 50 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා
.මෙම ගුවන් සංදර්ශනය මරීනා වෙරළේ පවත්වා ඇති අතර ඒ සඳහා ලක්ෂ 15 කට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැය 2-3 ක් උණුසුම් හිරු යට සිටගෙන සිටි දහස් ගණන් නරඹන්නන් විජලනය හා අධික තෙහෙට්ටුව හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
උත්සවය අවසන් වීමත් සමඟ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇති අතර දුම්රිය සහ බස් රථ ඇතුළු පොදු ප්‍රවාහනය ධාරිතාවෙන් ඔබ්බට පිරී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් බොහෝ සහභාගිවන්නන්ට බොහෝ දුර පයින් යාමට සිදු ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ .
දුර්වල පිරිස් කළමනාකරණය, මාර්ග සැලසුම් නොමැතිකම හා ප්‍රමාණවත් පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිකම මෙම මරණ වලට හේතුව බව ඉන්දීය රෝහල් නිලධාරීන් සදහන් කර සිටියා.
එම සංදර්ශනය ඊයේ පෙරවරු 11 ට ආරම්භ වූ අතර පස්වරු 1 දක්වා පැවැත්වුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.