සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන් රැගත් රථ පෙළක් ඉලක්ක කර කරච්චි ගුවන් තොටුපළ අසලදී එල්ල කළ ප්‍රහාරයෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පකිස්ථානයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ රාත්‍රී 11ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් තවත් චීන ජාතික නිලධාරීන් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
බෙදුම්වාදී බලුකිස්තාන විමුක්ති හමුදා සාමාජිකයන් එම ප්‍රරහාරයේ වගකීම භාරගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෑත වසරවලදී පාකිස්තානයේ ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීම ඉහළ ගොස් තිබෙනවා.