සැක සහිත ලෙස ප්රදේශ දෙකක රැඳී සිටි තවත් චීන ජාතිකයින් 31 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් චීන ජාතික පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ලැගුම්ගෙන සිටියදීයි.
වැලිකඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මහනුවර, අනිවත්ත ප්රදේශයේ හෝටලයක සැක සහිත ලෙස ලැගුම්ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඒ, මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
පල්ලේකැලේ, නත්තරංපොත ප්රදේශයේදී ද පසුගියදා විදෙස් ජාතිකයන් 130 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අතර චීන ජාතිකයින් 126ක්, වියට්නාම ජාතිකයින් දෙදෙනෙක්, තායිලන්ත ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු සිටි බවයි පොලිසිය පැවසුවේ.
එම චීන ජාතිකයින් සහ මහනුවර අනිවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අතර සබඳතාවක් පවතින්නේ දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.