Tuesday, November 5, 2024

General line - 0115112241

දේවගැති ජෙරම් නාවලපිටියේදී නූලෙන් බේරෙයි

රංජිත් රාජපක්ෂ




දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ආරක්ෂක අංශ නිලධාරින් සහ නාවලපිටිය, මිපිටිය ගම්වාසින් අතර අද දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා.        

ඒ, නාවලපිටිය, මිපිටිය ප්‍රදේශයේ මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්තාපනය කිරිමේ මධ්‍යස්ථානයක් බව පවසමින් සිදු කරන ඉදිකිරිමක් නිරීක්ෂණය කිරීමට දේවගැති ජෙරම් ප්‍රනාන්දු එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි.

දරුවන් පුනුරුත්තාපනය කරන මධ්‍යස්ථානයක් ඉදි කරන බව පවසමින් අදාළ ස්ථානයේ ආගමික ස්ථානයක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බවටයි ගම්වාසින් චෝදනා කළේ.

ගම්වාසින් සහ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ආරක්ෂක නිලධාරින් අතර ඇති වු දැඩි උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින්ට මැදිහත් වීමට ද සිදු වුණා. එහිදී ඇති වුණේ මෙවන් උණුසුම් තත්ත්වයක්. 


ගම්වාසින්ගෙන් එලෙස එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජෙරම් ප්‍රනාන්දු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරින්ට එම ස්ථානයෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


වීඩියෝ දර්ශණ මෙතනින් >>>>   දේවගැති ජෙරම්ට නාවලපිටියේදී වටකරන් දෙන්න ගිය පූජාව