කළුතර, වස්කඩුව වෙරළබඩ ප්රදේශයේ නිවාස 500 කට අධික ප්රමාණයක් වැසි ජලයෙන් යටවී තිබෙනවා.
මේ හේතුවෙන් පුද්ගලයන් 3,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
දුම්රිය මාර්ගය දෙපස ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිනවා.
ප්රදේශවාසී ජනතාව චෝදනා කරන්නේ සුළු වර්ෂාවකදී ද සිය නිවාස ජලයෙන් යටවන බවයි.
ප්රදේශයේ ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ද ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.