නැවත දැනුම්දෙන තුරු උතුරු - නැගෙනහිර මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ, ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඇතිවිය හැකි තද සුළං සහ වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
එම අඩුපීඩන කලාපය ඉදිරි දින දෙක තුළදී බටහිර, වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති.
ඒ අනුව උතුරු - නැගෙනහිර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං සමඟින් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.