Wednesday, November 6, 2024

General line - 0115112241

අර්ජුන ඇලෝසියස්ගේ අභියාචනය විසිවෙයි

උදය කුමාර




තමන්ට නියම වී ඇති මාස 06 ක සිර දඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන ඇලෝසියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනා විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම අභියාචනා අයදුම්පත අදාළ නඩු තීන්දුව ලබාදුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් විසින් එම අභියාචනය තුළින් ඉල්ලා තිබුණා.

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියකට අදාළවයි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිර දඩුවම් නියම කළේ.

තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටි ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර  ඔහුට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණා.