පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා සකස් කළ වාර්තාවේ කමිටු වාර්තා දෙක අද උදෑසන ජනතාවට එළදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙම වාර්තා ජනතාවට එළිදැක්වීමට දින 07ක කාලයක් ලබා දුන්න ද ජනාධිපතිවරයා විසින් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් තමන් එම වාර්තා එළි දැක්වීමට තීරණය කළ බවයි.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන අදාළ වාර්තා මේ වන විටත් වගකිව යුතු පාර්ශව කිහිපයකට යොමුකර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මේ වන විටත් සිදුකරමින් පවතින පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමේ අරමුණින් ඇතැම් කණ්ඩායම් විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.