Monday, December 23, 2024

General line - 0115112241

ඉන්දියාවේ බසයක් අඩි 200ක ප්‍රපාතයකට  පෙරළී 36ක් මරුට




උතුරු ඉන්දියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

හිමාල කඳුකරයේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර මාර්ගයක් ආශ්‍රිතව එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම බස් රථය අනතුරට ලක්වන විට එහි මගීන් 60 දෙනෙකු සිට ඇති අතර රියදුරුට බසය පාලනය කරගත නොහැකි වීමෙන් කඳුකර මාර්ගයකින් ඉවතට පැන අඩි 200ක් පමණ පහළින් පිහිටි ගඟකට වැටී තිබෙනවා.

ගලවා ගැනීමේ කණ්ඩායම් තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ළඟම ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙතගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ මගීන් ගුවන් මගින් රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදී ද සිය ශෝකය ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ධාවනයට නොසුදුසු තත්ත්වයේ තිබූ බස් රථයක් මහා මාර්ගයේ ධාවනය කිරීම සඳහා අනුමැතිය කබා දුන් ප්‍රවාහන නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.