Tuesday, November 5, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලිවලට කොමිසමෙන් කඩිනම් විසඳුම්




මහ මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 401 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝම්බර් 19 දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ. 

පසුගිය 19 වනදා පස්වරු 04.30 න් අවසන් වූ පැය 24 තුළ පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 58 ක්. 

මේ දක්වා ලැබී ඇති පැමිණිලි 401 ම ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළවයි. 

ඉන් පැමිණිලි 243 ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා. 

සෙසු පැමිණිලි 158 ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය වෙතයි.

කෙසේවෙතත් ලැබී ඇති සමස්ථ පැමිණිලි 401 න් 309 ක් මේ වන විට විසඳා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ. 

සෙසු පැමිණිලි 92 සම්බන්ධයෙන් ක්‍රියාකරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.