කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඔවුන් දෙදෙනා පොල්ගහවෙල හා පූජාපිටිය ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
මත්පැන් පානය කර ඔවුන් දෙදෙනා දිය නෑමට ගොස් ඇති බව සිදුකල විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘත ශරීර කහටගස්දිලිය රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.