වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට අදාළ පැමිණිල්ලක් කැදවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දින ලබාදුන්නා.
ඒ, පසුගිය අරගල සමයේ නීති විරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සිද්ධියට අදාළවයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට අදාළ පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැදවනු ලැබූ අතර එහිදී වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා.
ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා කැදවීමට ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.
උදය කුමාර