හැටන් ප්රදේශයේ රජයේ සහ පෞද්ගලික පාසල්වලට ළමුන් ප්රවාහනය කරන බස් රථ සහ වෑන් රථ 12 ක් ධාවනයෙන් ඉවත් කිරිමට අද පියවර ගත්තා.
ඒ, නුවරඑළිය දිස්ත්රික් ප්රධාන මෝටර් රථ පරික්ෂක දමින්ද සේනාරත්න මහතා විසින්.
මස්කෙලිය, සාමිමලේ, බගවන්තලාව, නෝටන්බි්රජ්, තලවකැලේ, කොටගල ඇතුළු ප්රදේශ රැසක සිට පාසල් ළමුන් ප්රවාහනය කරන පෞද්ගලික බස් රථ සහ වෑන් රථ 30 ක් අද පරික්ෂාවට ලක් කෙරුණා.
එහිදී වාහන 12 ක පවතින අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් රියදුරන් වෙත ලබාදී තිබෙනවා.
අඩුපාඩු සකස් කරන තෙක් එම වාහනවල අදායම් බලපත්රය ප්රධාන මෝටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.