හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් 14 දෙනෙකුට අදාළ පැමිණිල්ලක් ලබන පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ, පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීමේ සිද්ධියට අදාළවයි.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බවයි.
මෙම නඩු කටයුත්තට අදාලව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලිසිය පැවසුවා.
ඉන් අනතුරුව අදාල පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා කැඳවීමටද අධිකරණය නියෝග කළා.
උදය කුමාර