වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්රදේශවලට හෙට දහවල් 12.00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එමෙන්ම වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්රාදේශීය සභා බල ප්රදේශවලට ද එලෙස ජලය සැපයෙනවා.
චර්චිල් ජලාශයේ සම්ප්රේශන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එම ප්රදේශවලට එලෙස ජලය සපයන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.