කෘෂිකර්ම අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු රජයේ ආයතන කිහිපයක උසස් නිලධාරින් ජනාධිපති කාර්යාලය වෙත කැදවා තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මතයි.
ඒ අනුව ජනාධිපතිවරයා සහ අදාළ නිලධාරින් අතර සාකච්ඡාව අද පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතයි.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පැවසුවේ සහල්, බිත්තර, පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බවයි.
එම භාණ්ඩවල මිල ගණන් පහළ දැමීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී වැඩි අවධානයක් යොමු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.