තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ඒ අනුව එම තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත මේ වන විට භාරදී තිබෙනවා.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මහ මැතිවරණය සඳහා අයදුම් කළ තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව හත් ලක්ෂ 59,210 ක් වනවා.
ඒ අතරින් තැපැල් ඡන්ද අයදුම්පත් 20,551 ක් ප්‍රතික්ෂේප වී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.