නාම යෝජනා කැදවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණය පනතේ 10 වන වගන්තියේ පැහැදිලිව සඳහන්ව ඇති බව නීතිවේදීන් පවසනවා.
මැතිවරණ පනත ප්‍රකාරව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතුයි.
ඊට නාම යෝජනා භාර ගන්නා දිනයත් එම කාලයට ඇතුළත් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා.
මේ අතර පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු වන එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළා.
එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාම යෝජනා කැඳවීමට ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවයි.
මැතිවරණ පනත ප්‍රකාරව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා.
ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වනදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වනදා අවසන් වන අතර සති හතක කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුලත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පවසනවා.
එමෙන්ම අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් වේ නම් එවැනි නියෝග නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.