ලෙබනනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායලය තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
දකුණු බේරූට් රජයේ ප්‍රධාන රෝහල ආසන්නයට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙක් මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ එම රෝහලේ රථ ගාලටයි.
ඒ හේතුවෙන් සිදුවීමට තිබූ විශාල හානියක් වැළකී ගොස් ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.
මේ අතර උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි පාසලකට ද ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර ඇති බවට චෝදනා එල්ල වනවා.
එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.