පානදුර - උතුර පොලිස් වසමේ කෙසෙල්වත්ත, දිග්ගල පාර ඇතුළු ප්‍රදේශ රැසක නිරන්තරයෙන් සිදු වූ ගව සොරකම් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමීර රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී සේනාරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.
අදාළ ගව සොරකම් සම්බන්ධයෙන් පොලිසිය නිසි ආකාරව නීතිය ක්‍රියාත්මක නොකරන බවට එම ප්‍රදේශයේ ගව ගොවිපළවල් හිමියන් චෝදනා කළා.
ගව ගොවිපළ හිමියෙකු පසුගියදා නෙත් නිවුස් වෙත කියා සිටියේ 2000 වසරේ සිට මේ දක්වා කාලය තුළ තමන් ජීවත් වන ප්‍රදේශයේ සිටි ගවයන් 54 දෙනෙකු සොරකම් කර ඇති බවයි.
ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇතත් මේ වන තෙක් එම සොරකම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නොමැති බවද ඔහු පැවසුවා.
මේ හේතුවෙන් කිරි ගොවි කර්මාන්තය කඩා වැටීමට හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ වන විටත් කෙසෙල්වත්ත ප්‍රදේශයේ කිරි ගොවීන් කර්මාන්තය අත්හැර ඇති බවද ඔහු කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි එම ප්‍රදේශයේ ගව ගොවිපළ හිමියන් නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියේ.