මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින කාන්තාවන් ඇතුළු ඇතැම් අපේක්ෂකයන් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් අපහසුතාවට පත් කිරීමේ ප්රවනතාවක් දක්නට ලැබෙන බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ ඇතැම් අපේක්ෂකයන් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදල් වැය කරමින් සිදුකරන මැතිවරණ ව්‍යාපාර හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
එකම දේශපාලන පක්ෂයකින් තරග කරන අපේක්ෂකයන් අතර පවත්නා අර්බුද සම්බන්ධයෙන් ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය වැඩි අවධානයක් යොමු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.