Sunday, November 3, 2024

General line - 0115112241

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට ආණ්ඩුකාරවරුන්ට ජනපතිගෙන් උපදෙස්




පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට අද උපදෙස් ලබා දුන්නා. 

ඒ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි. ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙසයි ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට එහිදී උපදෙස් ලබා දුන්නේ.