Saturday, November 2, 2024

General line - 0115112241

සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය




මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ජනාධිපති  ලේකම් කාර්යාලයේදීයි. සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම පිළිබඳව එහිදී සාකාච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම අස්වැසුම හා අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ද එහිදී අවදානය යොමු කර තිබෙනවා.

ඉදිරි නව පාසල් වාරයේදී  අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන සහ පොහොර සහනාධාර ලබාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීමට ද සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.