Sunday, November 3, 2024

General line - 0115112241

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් 




ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ථිබෙනවා.

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ 

මෙම බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ද අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා තිබෙනවා

ඒ නැවත  දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත නොයන ලෙසයි.

එමෙන්ම නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙසද  එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර සිටියේ.