Sunday, November 3, 2024

General line - 0115112241

ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් එක්සත් රාජධානියද සංචාරක උපදෙස් යාවත්කාලීන කරයි 




මෙරට  එක්සත් රාජධානි තානාපති කාර්යාලයද  සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කරමින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත්  කර තිබෙනවා.

ඒ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනය පදනම් කර ගනිම්න්.

එම නිවේදනයෙන් දැක්වෙන්නේ ආරුගම්බේ  ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වාසනීය තොරතුරු එක්සත් ජනපද තානාපති කාර්යාලයට ලැබුණු බවයි 

මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම සහ නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක වෙත ගමන් තහනමක් පනවා තිබෙනවා 

තවද  නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා තිබෙනවා.

සෑම විටම ඔබේ වටපිටාව ගැන දැනුවත්  වන ලෙසත් , ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ අපගේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ යටතේ 

කාන්තා සංචාරකයින් සඳහා පොදු උපදෙස් ,ආබාධිතභාවය සහ විදේශ ගමන් පිළිබඳ ,LGBT+ සංචාරකයින් සඳහා සාමාන්‍ය උපදෙස් , තනි සහ ස්වාධීන ගමන් සඳහා ආරක්ෂාව ගැන ,ස්වේච්ඡා සේවය සහ විදේශ සංචාර පිළිබඳ උපදෙස් නිකුත් කර තිබෙනවා 


මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතරු සඳහා  >>>>  https://www.gov.uk/foreign-travel-advice/sri-lanka