ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කර ඇති අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාද අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනටමත් පියවර ගෙන ඇති බවයි ඔහු පැවසුවේ.
ආරුගම්බේ ප්‍රදේශයේ මේ වන විට පවතින ආරක්ෂක තත්ත්වය සහ සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ආරුගම්බේ සංචාරක හිමියන්ගේ සංගමයේ සභාපති අබ්දුල් රහීම්ගෙන් විමසීමක් කළා.
මේ අතර විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහව`රු කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.