ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට දින 14කට පෙර තොරතුරු ලැබී තිබූ බව වාර්තා වනවා.
නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ පසුගිය 10 වනදා වන විටද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත අදාළ ත්‍රස්ත්‍ර ප්‍රහාර අවදානම පිළිබඳ තොරතුරු ලැබී තිබූ බවයි.
ඒ අනුව ඉකුත් 12වනදා සිටම ආරක්ෂක අංශ ඊට අදාළ පියවර ගෙන තිබූ බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ.
ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාවට අතිරේක ආරක්ෂක අංශ සාමාජිකයින් 500කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා යුද හමුදාව, නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටයි කටයුතු කර තිබුණේ. මාර්ග බාධක 12ක්ද යොදා රථවාහන පරික්ෂා කිරීම සිදු කර තිබෙනවා.
මෙම ප්‍රහාර සැලැස්මේ ඉලක්කය වී තිබී ඇත්තේ ඊශ්‍රායල් ජාතිකයින්. කිසියම් අන්තවාදී කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇති බවටයි පැවසෙන්නේ.
ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පසුගිය දින කිහිපයේම හමාස් සංවිධානයේ නායකයින් ඝාතනය වීමයි.
ඒ අතරට හමාස් සංවිධානයේ නායක හසන් නසරල්ලාද අයත්.
ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට සැලසුම් කර තිබූ බවටයි දැන් වාර්තා වන්නේ.
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ යනු සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත ලොව වැඩිම සංචාරක ආකර්ෂණය දිනූ කලාපයක්.
එම සංචාරකයින් අතර ඊශ්‍රායල් ජාතිකයින්ද බහුලයි. පසුගිය දිනවලද ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයින් වැඩි වශයෙන් සිට තිබෙනවා.
මෙලෙස පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයින් සිය ආගමික වතාවත් සිදු කිරීම සඳහා වෙනම ස්ථාන පවා ඉදිකරගෙන තිබූ බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඒ අනුව නිවෙස් කුලියට ගෙන එවැනි ස්ථාන තුනක් පවත්වාගෙන ගොස් ඇති බවට මේ වන විට හෙළි වී තිබෙනවා.
මෙම ස්ථාන පිහිටා ඇත්තේ ආරුගම්බේ, ඇල්ල සහ කොළඹයි.
ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයට අමතරව ඇල්ල සංචාරක ප්‍රදේශයටද අවදානමක් තිබූ බවටද ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබූ බවයි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත තහවුරු කළේ.
මේ අතර ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් ද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවට වාර්තා වනවා.
ඉන්දීය බුද්ධි අංශ පවසා ඇති බවට වාර්තා වන්නේ අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවටයි.
ඒ සඳහා ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් දන්වා ඇතැයි සඳහන්. ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට මුදල් දී ඇති බවටද වාර්තා පළ වනවා.