ආරුගම්බේ ප්රදේශය ආශ්රිතව පවතින ආරක්ෂක අවදානම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග මේ වන විට රටේ වැඩිම කතාබහක් මතුව ඇත්තේ ඒ පිළිබඳවයි.
එබැවින් පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා.
වැඩ බලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ මෙරට සියලු තානාපතිවරුන් දැනුවත් කර ඇති බවයි.
ගෙන ඇති පියවර පිළිබඳ තානාපති අංශද ධනාත්මක ප්රතිචාරයක් දක්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.
සංචාරක අනතුරු ඇඟවීමෙන් පසු ආරුගම්බේ ප්රදේශයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා.
මේ, ආරුගම්බේ සංචාරක හිමියන්ගේ සංගමයේ සභාපති අබ්දුල් රහීම්.
ආරුගම්බේ ප්රදේශයට අමතරව ඇල්ල සංචාරක ප්රදේශයටද අවදානමක් තිබූ බවට වාර්තා පළ වීමත් සමග එහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා.
මේ, නෙත් නිවුස් බදුල්ල වාර්තාකරු ප්රසන්න පත්මසිරි.
ශ්රී ලංකාවේ සිටින ඊශ්රායල ජාතිකයින්ට ද ඊශ්රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය විශේෂ දැනුම්දීමක් කරමින් ඊයේ පැවසුවේ ත්රස්ත ප්රහාරයක් සිදුවිය හැකි බැවින් ශ්රී ලංකාවේ ඇතැම් සංචාරක ප්රදේශවලින් වහාම ඉවත්වන ලෙසයි.
එම ප්රදේශ අතරට ආරුගම්බේ සහ ශ්රී ලංකාවේ දකුණු සහ බටහිර කලාපවල පිහිටි වෙරළාසන්න ප්රදේශ අයත්.
ආරුගම්බේ ප්රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බව පළමුවරට හෙළි කළේ ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයයි.
එය පදනම් කර ගනිමින් බි්රතාන්ය රජය විසින් ද ශ්රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කළා.
ශ්රී ලංකා පොලීසිය නිල නිවේදන පදනම් කර ගනිමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය, මෙරට සිටින රුසියානු ජාතිකයින් විශේෂ දැනුම්දීමක් සිදු කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.