රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.
ඔහු ඊයේ පස්වරු 6.30 ට පමණ මැගසින් බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉන් අනතුරුව වෛද්‍යවරයෙකු විසින් ඔහු පරීක්ෂා කර තිබෙනවා.
පසුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම බන්ධනාගාරයේ එච් වාට්ටුවේ රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
එම වාට්ටුවේ සාමාන්‍ය රැඳවියන් සිය දෙනෙකු පමණ රඳවා සිටිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් 30 දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැණුනා.