Saturday, November 2, 2024

General line - 0115112241

ඊශ්‍රායල් සංචාරකයන් සිටින හෝටල්වලට විශේෂ ආරක්‍ෂාවක්

ටී කේ මහින්ද-රවින්ද්‍ර චන්ද්‍රලාල්




ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව පවතින ආරක්‍ෂක අවදානම හේතුවෙන් සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන දකුණු පළාතේද ආරක්‍ෂාව දැඩි කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ද ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය විශේෂ දැනුම්දීමක් කරමින් ඊයේ පැවසුවේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙසයි.

එම ප්‍රදේශ අතරට ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ දකුණු සහ බටහිර කලාපවල පිහිටි වෙරළාසන්න ප්‍රදේශ අයත්. 

ඒ අනුව සංචාරකයින් මේ දිනවල වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් වන දකුණු පළාතේ ගාල්ලේ තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

මෙම වාර්තාව නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.

සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන දකුණේ තවත් ප්‍රදේශයක් වන්නේ වැලිගමයි. ඒ ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්දගෙන්.

ආරුගම්බේ ප්‍රදේශයට අමතරව ඇල්ල සංචාරක ප්‍රදේශයටද අවදානමක් තිබූ බවට වාර්තා පළ වීමත් සමග එහි ආරක්‍ෂක තත්ත්වයද දැඩි කිරීමට පියවර ගැණුනා.

මේ, එහි වත්මන් තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් බදුල්ල වාර්තාකරු ප්‍රසන්න පත්මසිරි ගෙන එන වාර්තාවක්.

මෙලෙස සංචාරක ප්‍රදේශවල ආරක්‍ෂාව දැඩි කිරීමට ප්‍රධාන හේතුව වූයේ ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට තොරතුරු වාර්තා වීමයි.

ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයේ වර්තමාන ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. මේ, ආරුගම්බේ සංචාරක හිමියන්ගේ සංගමයේ සභාපති අබ්දුල් රහීම්.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ මෙරට සියලු තානාපතිවරුන් දැනුවත් කර ඇති බවයි.

ගෙන ඇති පියවර පිළිබඳ තානාපති අංශද ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි ඔහු සඳහන් කළේ. 

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බව පළමුවරට හෙළි කළේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයයි. 

එය පදනම් කර ගනිමින්  බි්‍රතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කළා. 

ශ්‍රී ලංකා පොලීසිය නිල නිවේදන පදනම් කර ගනිමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය, මෙරට සිටින රුසියානු ජාතිකයින් විශේෂ දැනුම්දීමක් සිදු කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.