පැවති වර්ෂාව හේතුවෙන් ගං වතුර තත්ත්වයන් ඇති වූ බස්නාහිර සහ වයඹ පළාත්වල දින තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ බස්නාහිර පළාතේ සහ වයඹ පළාතේ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශ 22ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මේ වන විට මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 12කින් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ ඊසාන දිග මෝසමත් සමග යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
මේ වසරේ මේ දක්වා කලය තුළ ඩෙංගු රෝගීන් 40,000ක් වාර්තා වී ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 20ක්.