මෙරට සංචාරක ගමනාන්ත සියල්ලම ආරක්‍ෂිත බව සහ එම ගමනාන්ත සියල්ල සංචාරකයන් සඳහා විවෘත බවට ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ මෑතකදී මෙරටට පැමිණි කිසිදු විදේශීය සංචාරකයෙකුට ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී නොමැති බවයි.
මේ දිනවල ඊශ්‍රායල් සංචාරකයන් විශාල පිරිසක් මෙරට තුළ නොමැති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙරටට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම නතර වී නොමැති බවයි.