Saturday, November 2, 2024

General line - 0115112241

වත්මන් ආණ්ඩුව හොදද? නාමල්ගේන් ප්‍රතිචාර




බඩු මිල පාලනය කළ හැකි පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කර ගනිමින් ශක්තිමත් ආර්ථිකය ප්‍රතිපත්තියක් ඇති රජයක් බිහි කිරීමට තමන් බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මේ අතර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් නිගමනයකට පැමිණීමට තවමත් ප්‍රමාණවත් කාලයක් ගතව නොමැති බවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.