පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාර ගැනීම අද සිදු වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම්දීම මත ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ අදාළ තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාර ගැනීම සිදු වන බවයි.
ඉදිරි මහමැතිවරණය සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 30 වනදා සහ නොවැම්බර් 04 වනදා සිදු කෙරෙනවා.
අනෙකුත් රාජ්‍ය ආයතනවල හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 01වනදා සහ 04 වනදා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි තැපැල් ඡන්ද හිමියන්ට නොවැම්බර් 07 සහ 08 දිනයන්හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.