ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් අද සිදු වුණා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මහතාගේ උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමග කෙටි කතා බහකට ද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.