ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හෙට දිනයේ පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඡන්ද විමසීම මධ්‍යස්ථාන 48කදී හෙට පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ඡන්ද විමසීම සිදු කෙරෙනවා.
අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ තවත් ප්‍රශ්න කිහිපයකට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.