Saturday, November 2, 2024

General line - 0115112241

IMF සමග නව ගිවිසුමකට යන බව සජිත් කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමකට යාමට මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සිය රජයක් යටතේ බදු බර අඩු කර ජනතාවට සහන සැලසීම සඳහා එලෙස නව ගිවිසුමකට එළඹෙන බවයි මැද කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.  

කෙසේවෙතත් රටක් දියුණු කිරීමට නම් ජනතාවට නායකත්වය පිළිබඳව විශ්වාසයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.