ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.
ඡන්ද විමසීම මධ්‍යස්ථාන 48කදී පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ඡන්දය භාවිත කරන ඡන්ද දායකයින්ගේ මහපට ඇඟිල්ල වර්ණ ගැන්වෙන බවද ඔහු කියා සිටියා.
මේ අතර ඡන්ද මධ්‍යස්ථාන 48ම අද දිනයේ නිරීක්ෂණය කරන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.
අද දිනයේ මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියාසිටියා.